බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ මූලික කටයුතු 2017 වසරේ මාර්තු මාසයේදී ආරම්භ වන බව එරට අගමැතිනී තේරේසා මේ පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරිය ලෙස ප්‍රථමවරට කොන්සර්වටිව් පක්ෂ සම්මේලනය අමතන අවස්ථාවේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ පැවතීම පිණිස සැකසූ වසර 44ක් පැරණි නීතිමය ප්‍රතිපාදන ඉවත දැමීම සඳහා වන සැලසුම් තෙරේසා මේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම නව නීති මගින් බ්‍රිතාන්‍ය ජනතාවගේ ඡන්දයෙන් පත්වූ ආයතනවලට බලය සහ අධිකාරිත්වය හිමිවනු ඇති බවද අගමැතිනිය පවසා තිබේ.
යුරෝපා සංගමය සමග එක්ව සිටීම පිණිස පැවති නීති සම්පාදන ඉවත දැමීම මගින් බ්‍රිතාන්‍යය නැවතත් ස්වෛරී සහ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රථම අදියර නිරූපණය කෙරෙන බවත්, එනමුදු, බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වන තෙක් නව නීති බලාත්මක නොවන බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.