බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල්වල ගණිතය ඉගැන්වීමේදී ආසියානු ඉගෙනුම් ක්‍රමවේදය භාවිත කිරීමේ අවස්ථාව සලසා දීමට එරට රජය සූදානම් වෙයි.
මේ සඳහා බ්‍රිතාන්‍ය රජය විසින් ස්ටර්ලිං පවුම් මිලියන 41ක ප්‍රතිපාදන යෙදීමට බලාපොරොත්තු වන අතර, එම ක්‍රමවේදයෙන් ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා කැමැත්තක් දක්වන පාසල්වලට ඊට අනුගත විය හැකි බවද කියයි.
ඔවුන් පෙන්වා දෙන්නේ, ආසියානු ඉගෙනුම් ක්‍රමවේදය භාවිත වන ෂැංහයි, සිංගප්පූරුව හා හොංකොං යනු ඉහළ කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන ස්ථානයන් ලෙසය.
ඒ අනුව, මෙම ප්‍රතිපාදන මුදල් බ්‍රිතාන්‍යයේ ප්‍රාථමික පාසල් 8,000ක් සඳහා යෙදවීමට තරම් ප්‍රමාණවත් බවද කියැවෙයි. කෙසේ වෙතත්, මෙසේ ආසියානු ගණිත ඉගැන්වුම් ක්‍රමවේද වෙත අනුගත වීම බ්‍රිතාන්‍යයේ ඇතැම් පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන බවත්, මේ ආකාරයෙන් ප්‍රතිපාදන යෙදීමෙන් එම ක්‍රියාවලිය වඩාත් පුළුල්ව සිදුකළ හැකි බවත් එම ප්‍රාථමික පාසල් පෙන්වා දී තිබේ.