බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවර සාප්පු සංකීර්ණයකදී මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් ඇඟ බැඳි පුද්ගලයෙකු යැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා බිස්කට් හා ලුණු පිරවූ ව්‍යාජ බෝම්බයක් පැළඳ සිටින බව විදෙස් වාර්තා පවසයි.
තමා සතුව මරාගෙන මැරෙන බෝම්බයක් ඇති බව පවසමින් මෙම පුද්ගලයා පොලීසියට ලබාදුන් දුරකථන ඇමතුමක් මත වහාම ආරක්ෂක අංශ ඒ වෙත පැමිණ තිබේ.
එහිදී, සිටි 2 සාප්පු සංකීර්ණය වෙත බෝම්බ නිශ්ක්‍රීය අංශයද වහා පැමිණ ඇති අතර, පසුව මෙම තැනැත්තා අත්අඩංගුවට පත්ව තිබේ.
එහිදී, මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ බෝම්බයක් පිළිබඳ කතාව තමා ගෙතූ කතාවක් බවයි.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයා ජේ.බී. ලෙස සඳහන් කරන අතර, මොහු යම් මානසික ආබාධයකින් ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවද පසුව අනාවරණය වී තිබේ.