බෙල්ජියමේ, බ්‍රසල්ස් නගරයේදී හමුදා සෙබලුන් පිරිසක් වෙත මන්නා පිහියකින් පහරදීමට පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර, මෙය ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් බව අනාවරණය වී තිබේ.
සෝමාලියානු ජාතික 30 හැවිරිදි පුද්ගලයෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඔහු වෙඩි වැදීමෙන් පසු රෝහල්ගත කළත් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රසල්ස් අගනුවර ආරක්ෂාව තවදුරටත් තර කිරීමට මෙම සිදුවීමෙන් පසුව කටයුතු කර ඇති අතර, මෙය හුදකලා ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැක කෙරෙයි.
පසුගිය වසරේදී පුද්ගලයන් 30කට පමණ මරු කැඳවමින් එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බෙල්ජියමේ අගනුවර ආරක්ෂාවට නිරන්තරයෙන් හමුදාව යෙදවීමක් දැකිය හැකි වූ අතර, මෙසේ නගරයේ ආරක්ෂාවට සිටි හමුදා සෙබලුන් වෙත මෙම මන්නා ප්‍රහාරය එල්ල කර තිබේ.
නගර මධ්‍යයේදී එල්ල වූ ප්‍රහාරයේදී මොහු සෘජුවම ත්‍රස්ත සංවිධානයක සබඳතා පැවැත්වූවෙකු බවට මූලික පරීක්ෂණවලදී හෙළි නොවූවත්, ප්‍රහාරය අවස්ථාවේදී අල්ලාහු අක්බර් (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑමොර දී ඇති බව බෙල්ජියම් නීතිපති කාර්යාලය පවසයි.