බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර බලා පියාසර කිරීමට තිබූ ගුවන් යානයකදී බීමත් මගීන් පිරිසක් ජිහාඩ් ත්රස්තයන් සේ හැසිරීමෙන් එම යානය පැය දෙකකින් ප්‍රමාද කර තිබේ.
මෙම පිරිස ඉස්ලාමීය අන්තවාදීන් ලෙස හැසිර පවසා ඇත්තේ යානය තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ මෙම විහිළුව කොතරම් දුරදිග ගියාද කියතොත් එම පිරිසෙන් අයෙකු අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දී ඇති බවද කියැවෙයි.
මෙම නොසන්සුන්කාරී වාතාවරණය සමග යානයේ සිටි සෙසු මගින් වහාම ආරක්ෂිතව බිමට බැස්සවීමට කටයුතු කර තිබේ.
දඩුවම් ලැබිය හැකි මෙම සුවිශාල වරද සිදුකර ඇත්තේ වයස අවුරුදු 50 ගණන්වල පසුවන බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පිරිසක් බවද සඳහන් වේ.
රයන් එයාර් ගුවන් සේවයට අයත් යානයක මෙම සිදුවීම වාර්තා වන අතර, එම අවස්ථාවේදී යානයේ තැන්පත් කර තිබූ සියලු මගී බඩුබාහිරාදිය යළිත් ඉන් පටතට ගෙන පොලිස් නිල සුනඛයන් යොදවා පරීක්ෂා කර තිබේ.