සිරියාවේ බෂර් අල්-අසාද් තුන්වැනි වරටත් එරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ පසුගිය මාසයේ පැවති මැතිවරණයෙන් නිතරඟ ජයක් ලබමිනි.
ඩැමස්කස් නුවරදී ජනාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාව රජයේ රූපවාහිනිය සජීවීව ප්රචාරය කළේය.
තවත් වාරයක් වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් අසාද් පවසා සිටියේ ත්රස්තවාදයට එරෙහි සටන දිගටම සිදුකරන බවය.
එමෙන්ම, රට තුළ සාමය ස්ථාපිත කිරීම වැඩි ඈතක නොවන බවද ඔහු පවසා සිටියේය. ඒ වෙනුවෙන් විරුද්ධ පක්ෂවලට ජාතික සංහිඳියාවකට ආරාධනා කරන බවද ඔහු කියා සිටියේය.
2011 මාර්තු මාසයේදී සිරියානු අර්බුදය ඇති වූයේ අසාද් බලයෙන් පහ කිරීමේ අරමුණෙනි. නමුත්, එදා සිට මේ දක්වා දැවැන්ත අර්බුදයක් රට තුළ ඇති කරමින් මිනිස් ජීවිත 170,000ක් පමණ මිනිසුන් කිහිප දෙනෙකුගේ බල තන්හාව නිසා අකාලයේ මියගොස් ඇත.