ස්පාඤ්ඤ රජය විසින් බලයෙන් පහ කළ කැටලෝනියා ජනපති කාර්ල්ස් පුටිග්ඩෙමොන්ට් බෙල්ජියම වෙත පළාගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කැටලෝනියාව වෙත ස්වයං පාලනයක් අත්පත් කරගැනීම සඳහා කටයුතු කළ ජනාධිපතිවරයා, එහි උච්චතම අවස්ථාවට පිවිසි අවස්ථාවේදී එම පළාත් ආණ්ඩුව විසුරුවා හැරීමට ස්පාඤ්ඤ මධ්‍යම රජය කටයුතු කරන්නට විය.
එහි ප්‍රතිඵලයක් ලෙස එහි නායකයා ලෙස කටයුතු කළ කාර්ල්ස්ගේ ජනපති ධුරයට අහෝසි වී ගිය අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට ස්පාඤ්ඤය රජය කටයුතු කරන අතරවාරයේදී ඔහු බෙල්ජියම වෙත පළාගොස් තිබේ.
කෙසේ වෙතත්, තමන් බෙල්ජියමේ දේශපාලන රැකවරණය බලාපොරොත්තුවෙන් නොපැමිණි බව හෙතෙම මාධ්‍ය හමුවේ පවසා තිබේ.
කෙසේ වෙතත්, ස්පාඤ්ඤ නීතිපතිවරයා හිටපු කැටලෝනියා ජනපතිවරයාට එරෙහිව ගොනුකරමින් පැවති රජයට එරෙහි විප්ලවයක් සිදු කිරීම යටතේ වූ චෝදනා ඔප්පුවුවහොත් ඔහුට වසර 30ක කාලයක සිරදඬුවමක් හිමිවීමටද නියමිතව තිබුණි.