තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අගමැති ධුරයෙන් ඉවත් කළ තායිලන්ත හිටපු අගමැතිනී යින්ලක් ෂිනවත්රාට එරෙහිව රාජකාරිය පැහැර හැරීමේ චෝදනා යටතේ නඩු පවරා ඇති බව වාර්තා වෙයි.
බලය අයුතු ලෙස පාවිච්චි කළේ යැයි චෝදනා කරමින් ව්‍යවස්ථා අධිකරණය විසින් හිටපු අග්‍රාමාත්‍යවරිය හා ඇගේ අමාත්‍ය මණ්ඩලයේ නවදෙනෙකු ධුරයෙන් ඉවත් කොට දිනකට පසුව මෙම නඩු පැවරීම සිදුව තිබේ.
විවාදයට තුඩුදුන් සහල් සහනාධාර වැඩසටහන සම්බන්ධයෙන් ජාතික දූෂණ මර්දන කොමිසම හිටපු අගමැතිනිය වෙත ගෙන ආ එම චෝදනාවලට ඇය වරදිකාරිය වුවහොත්, ඇයට වසර පහක් යන තුරු දේශපාලන කටයුතුවලට සහභාගීවීම තහනම් කළ හැකි බවද කියැවෙයි.