බටහිර සිරියාවේ රජයේ පාලනයේ පැවති අවසන් නගරය වන ඉඩ්ලිබ් නගරයේ බලය තහවුරු කරගැනීමට අල්-කයිඩා සටන්කාමීන් සමග සබඳතා පවත්වන අල්-නුස්රා සංවිධානය සමත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
දැවැන්ත සටනකින් පසුව නගරයේ බලය තහවුරු කරගැනීමට හැකිවූ බව ඉස්ලාමීය සටන්කාමීන් පවසා සිටියත්, රජයේ හමුදා පවසන්නේ තවදුරටත් සටන් පවතින බවයි.
පසුගිය මාර්තු මාසයේ අගභාගයේ සිට කැරලිකරුවන් විසින් ප්රාන්තයේ නගර රැසක බලය තහවුරු කරගෙන තිබුණු අතර, ඉඩ්ලිබ් හා ජිසර් අල්-ෂුගෝන් නගර ඒ අතර විය.