බටහිර සම්බාධක වැටෙන විට යුක්රේනයේ රුසියානු හිතවාදීහු වියරු වැටෙති
නැගෙනහිර යුක්රේනයේ ලුහන්ස්ක් නගරයේ වූ ප්‍රධාන කලාප පරිපාලන කාර්යාලය රුසියානු හිතවාදීන් විසින් ආක්‍රමණය කළ බව වාර්තා වෙයි.
මෙසේ ආක්‍රමණය කළවුන්ගෙන් ඇතැම් අය අවි රැගෙන සිටි බවත්, තවත් පිරිසක් යකඩ පොලුවලින් ගොඩනැගිල්ලේ ජනෙල් දොරවල් කඩමින් ඊට ඇතුළු වූ බවත් කියැවෙයි.
රුසියානු ජනමතය යනුවෙන් කෑමොර දෙමින් මෙසේ කඩා වැදුණු පිරිස් පසුව එම ගොඩනැගිල්ලේ රුසියානු දජය එසවූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මීට පෙර ඇමෙරිකාව හා යුරෝපා සංගමය විසින් රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමක් සිදුකළ අතර, එය රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයටද ලක්විය.
යුරෝපා සංගමය ඇමෙරිකානු ඇඟිල්ලේ නැටවෙන බව පැවසූ රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙම නව සම්බාධක රුසියාවේ අධි තාක්ෂණික ක්ෂේත්රයට බලපෑමක් එල්ල කරන බවද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
