උතුරු ඇමෙරිකාව, යුරෝපය හා සෙසු කලාපයන්ගේ සිටින ප්‍රකෝටිපතියන්ට වඩා ආසියානු කලාපයේ සිටින ප්රකෝටිපතියන් වැඩි වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
චීන හා ජපාන ප්රකෝටිපතියන් ප්රමුඛව ආසියානු ප්රකෝටිපතියන්ගේ වත්කම් 2015 වර්ෂයේදී 10% කින් වර්ධනය වී ඇති බව මූල්‍ය තොරතුරු වාර්තාකරණයේ යෙදෙන Capgemini පවසයි.
එහිදී, පසුගිය වසර තුළ ලොව පුරා ප්රකෝටිපතියන් ඇ.ඩො.ට්‍රිලියන 60ක වත්කම් දරා සිටි බවත්, එය මීට වසර 30කට පෙර පැවති තත්ත්වය මෙන් සිව් ගුණයක වර්ධනයක් බවත් කියයි.
එමෙන්ම, වර්ෂ 2025 දී මෙම අගය ඇ.ඩො.ට්‍රිලියන 100 දක්වා වැඩිවනු ඇති බවද එම ආයතනය පුරෝකථනය කර තිබේ.