අඩි 4ක් පමණ දිග කඩුවක් අමෝරාගෙන අල්ලාහු අක්බර් යනුවෙන් කෑමොර දෙමින් සිටි පුද්ගලයෙකු බකිංහැම් මාලිගය අසලදී අත්අඩංගුවට පත්ව තිබේ.
ස්කෝට්ලන්ඩ් යාඩ් පොලීසියේ ප්‍රති-ත්‍රස්ත මෙසහෙයුම් ප්‍රධානී ඩීන් හෙයිඩන් පවසා සිටියේ මෝටර් රථයක පැමිණි මෙම පුද්ගලයා පොලිස් වාහනය දෙසට සිය රථය ධාවනය කර ඇති බවයි.
පසුව පොලිස් නිලධාරීන් තිදෙනෙකු විසින් මොහු මෙල්ල කර ඇති අතර, එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මෙන්ම, මෙම පුද්ගලයාද තුවාල ලබා තිබේ.
26 හැවිරිදි සැකකරු ලූටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, ත්‍රස්ත මර්දන පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, තුවාල ලබා සිටි සැකකරු ප්‍රතිකාර සඳහා ඔහු රෝහලක් වෙත රැගෙන ගිය බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනොගෙන් දෙදෙනෙකුද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් පිණිවුඩයක් නිකුත් කර ඇති අගමැතිනී තෙරේසා මේ පවසා සිටියේ කිසිවෙකුට හානියක් වීමට නොදී පොලිස් නිලධාරීන් වඩා ඥානාන්විතව හා එඩිතරව ක්‍රියාකර ඇති බවයි. ඔවුන් වෙත අගමැතිනියගේ මෙන්ම ලන්ඩන් නගරාධිපතිවරයාගේද ගෞරවය හිමිව තිබේ.
මෙම අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිඳු සාමාජිකයෙකු බකිංහැම් මාලිගයේ සිට නොමැති අතර, මෙම සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ශණ ආරම්භ කර ඇත්තේ ඔහු ජිහාඩ් සංවිධානයක සාමාජිකයෙක්ද, නැත්නම් හුදකලා වෘක්කයෙකුද යන්න විමසීම සඳහාය.