බංග්ලාදේශ LGBT සඟරාවේ කර්තෘ ජුල්හාස් මන්නාන් ඩකා නුවර සිය නිවසේ සිටියදී ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මීට පෙර ඇමෙරිකානු තානාපති කාර්යාලයේද සේවය කර තිබූ මොහු සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටියෙකු බවද කියැවෙයි.
මෙම ප්‍රහාරයේදී ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර, තවත් අයෙකු තුවාල ලබා තිබේ.
එරට විශ්වවිද්‍යාල මහාචාර්වරයෙකු ඝාතනය කර දින දෙකකට පසුව මෙම මරණය සිදුව ඇති අතර, මෙයද එරට ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රහාරයක් බවට පොලීසිය සැක පහළ කරයි.