බංග්ලාදේශයේ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා ෂියාට එරෙහිව දූෂණ චෝදනා දෙකක් යටතේ අධිකරණය හමුවේ නඩු පවරා ඇති බව එරටින් වාර්තා වෙයි.
බෙගම් කලීඩා ෂියා බංග්ලාදේශයේ ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙන අතර, ඇය මීට පෙර එරට අගමැතිනිය ලෙසද කටයුතු කළ තැනැත්තියකි.
සමාජ සුබසාධක සංවිධාන දෙකකින් ඇ.ඩොලර් හය ලක්ෂයකට අධික මුදල් සම්භාරයක් වංචා සහගත ලෙස සඟවා ගෙන ඇති බවට මෙසේ ඇය වෙත චෝදනා ගොනු කර තිබේ.
කෙසේ වෙතත්, ඇගේ නීතීඥයන් පෙන්වා දෙන්නේ මේ චෝදනා සියල්ල සාවද්‍ය බවයි.
“ මගේ සේවාදායිකව උසාවිය ඉදිරියේ පෙනී සිටියත් උසාවිය ඇය චෝදනාවලට වැරදිකාරියද, නිවැරදිකාරියද, කියා ප්‍රශ්න කළේ නැහැ. විනිසුරුවරයා නැගිට යන්න ගියා. අපේ ඉල්ලීම භාරගත්තේ නැහැ. අපේ රටේ නීති ඉතිහාසයේ මෙවැනි දෙයක් කිසිදා සිදුවී නැහැ” ඇගේ නීතීඥයන් පවසයි.
විපක්ෂ නායිකාවට එරෙහි චෝදනා විභාගයට ගැනීම අප්‍රියෙල් මස අවසන් භාගයට නියම කරනු ලැබ ඇති බව එරටින් වාර්තා වෙයි.
අගමැතිනි ෂේක් හසීනාගේ දිගුකාලීන දේශපාලන ප්‍රතිවාදිනිය වන ඛලීඩා ෂියා පසුගිය මහ මැතිවරණය වර්ජනය කළ අතර, පාලක අවාමි පක්ෂය විසින් යළි බලය තහවුරු කර ගනු ලැබිණි.
භාරකාර ආණ්ඩුවක්යටතේ මහමැතිවරණය පවත්වන මෙන් විපක්ෂ නායිකාව යෝජනා කළත් අගමැතිවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මැතිවරණය පවත්වා ජය ලැබීය.