බංග්ලාදේශයේ දකුණුදිග බරිසාල් දිස්ත්රික්කයේ පාලම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී පාලම් පාරුවේ පමණට වඩා ජනතාව සිටි බවත්, ගං ඉවුරේදී විශාල මඩ තට්ටුවක් පාලම් පාරුවේ පැත්කට කඩා වැටීමත් සමග මෙම අනතුර සිදුවූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
එහිදී, පිහිනීමට හැකියාවක් තිබූ පිරිස් ජීවිත බේරාගෙන ගංඉවුර වෙත පැමිණියත්, තවත් පිරිසක් දියේ ගිලී ඇත.
මෙවැනි පාලම් පාරු අනතුරු බංග්ලාදේශයේ සුලභ සිදුවීමකි. එරට පවතින ගංගා විශාල ගංගා පද්ධතිය නිසා පාලම් පාරු බහුල වශයෙන් යොදා ගැනෙයි.
ඒ නිසා, පාලම් පාරුවලින් මිනිසුන් එගොඩ කිරීමේදී දැඩි නීති පැනවීමට බලධාරීන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ මෙම අනතුරු වලක්වා ගැනීම සඳහාය.