බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා උත්සන්න වීමත් සමග ජනතාවගේ ආරක්ෂාව පොලීසියට පමණක් තනිව සිදුකළ නොහැකි බැවින්, තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ද සලසා ගත යුතු බව අවධාරණය කෙරෙන වැඩපිළිවෙළක් ඩකා නගරයේදී ඇරඹී තිබේ.
විශේෂයෙන්ම බංග්ලාදේශයේ ජීවත් වන ක්‍රියාධරයන්, අදේවවාදී ලේඛකයන්, බ්ලොග්කරුවන්, බෞද්ධ භික්ෂූන්, හින්දු පූජකයන්, කිතුණුවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සමලිංගිකයන් වැනි විශාල පිරිසකගේ ඝාතන රැල්ලක් දැන් කලක පටන් එරට තුළ වාර්තා වෙයි.
ඒ අනුව, පොලීසිය විසින් ඩකා නුවර වැසියන් සමග ඇති කරගත් එකඟතාවකට අනුව, ඒ ඒ ප්‍රදේශවලදී ජනතාව විසින්ද තමන්ගේ නගරය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.
එහිදී, ජනතාව පදිංචි ප්‍රදේශවලට ඇතුළු වන තැන්වල විශේෂ ආරක්ෂක ගේට්ටු යෙදීමටද සංවිධානය වී ඇති අතර, රාත්‍රී 11.00 න් පසුව මෙම ගේට්ටුවලින් පිටස්තරයන්ට ඇතුළු වීම සපුරා තහනම් වෙයි.
නමුත්, මේ තත්ත්වය තුළ ජනතාව පිට ආරක්ෂක බර පටවා පොලීසිය කර ඇරි බවක් මින් නොකියවෙන බවද එරට පොලිස් ප්‍රධානියෙකු පවසා තිබේ.
මෑතකදී ඩකා අගනුවර ඉතාලි අවන්හලක සිදුවූ ප්‍රහාරයද මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය දිස්වූ සිදුවීමකි.