බංග්ලාදේශයේ මහල් හතරකින් යුතු කම්හලක බොයිලේරුවක් පිපිරීමකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඩකා අගනුවරට උතුරින් වූ ටොන්ගි නගරයේ මෙම පිපිරීමත් සමගම කම්හල ගින්නට නතුව ඇති අතර, තවත් 50කට අධික පිරිසක් රෝහල්ගත තිබේ.
මේ අතර, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව රෝහල් බලධාරීහු පවසති. ගින්න මැඬපැවැත්වීම සඳහා බංග්ලදේශ ගිනිනිවන හමුදාව දැඩි පරිශ්‍රමයක් ගත් බවද විදෙස් වාර්තා පවසයි.
බංග්ලාදේශයේ කම්හල් ආශ්රිත අනතුරු අලුත් දෙයක් නොවන්නේ, එරට අවම ශ්‍රමය යටතේ ඉතා අවදානම් තත්ත්වයන් යටතේ මිනිසුන් සේවය කරන නිසාය.
2013 වසරේ රනා ප්ලාසා ඇඟලුම් කම්හලේ සිදුවූ ඛේදවාචකයෙන් 1,135 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, මෑතකදීද මෙවැනි අනතුරු රැසක් බංග්ලදේශයෙන් වාර්තා විය.