රියැලිටි වීඩියෝ ක්‍රීඩාවක් ලෙස ප්‍රකට පෝක්මන් ගෝ ක්‍රීඩාව ඉන්දියාව තුළ තහනම් කළ යුතු බවට අධිකරණමය තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාවේ මිලියන ගණනක් වන ශාකමය ආහාර පමණක් ලබාගන්නා ආගමික ලබ්ධිකයන්ට මෙම වීඩියෝ ක්‍රීඩාව හරහා අගතියක් සිදුවන බවට චෝදනා එල්ල වීම ඊට හේතුවයි.
ගුජරාට් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙය ඉදිරිපත් වී ඇති අතර, මෙම ක්‍රීඩාව තුළ ඉන්දියාවේ ආගමික ස්ථාන තුළ බිත්තර ආදී මාංශමය රූප දැක්වීම තුළ හින්දු හා ජෛන ආගමික ලබ්ධිකයන්ට අවමානයක් සිදුව ඇති බවට තීන්දුවක් ලැබී තිබේ.
කෙසේ වෙතත්, මෙම පෝක්මන් ගෝ ක්‍රීඩාව නිල වශයෙන් මෙතෙක් ඉන්දියාව තුළ හඳුන්වාදී නොතිබුණත්, අයිටියුන්ස් හරහා එම ක්‍රීඩාව සමග ඉන්දියානුවන්ද එක්ව සිටින බව කියැවෙයි.