පෙම්වතා සමග සිටි වීඩියෝව ඉතාලි තරුණියට මරු කැඳවයි
සිය පෙම්වතා සමග ලිංගික ඇසුරක් පවත්වන වීඩියෝවක් අන්තර්ජාලයට මුසුවීම හේතුවෙන් වසරක පමණ කාලයක් විවිධ අපවාද හා හාස්‍යයට ලක්වීම දරාගත නොහැකිව ඉතාලි ජාතික තරුණියක සියදිවි හානිකර ගෙන තිබේ.
ටීසියානා කැන්ටෝන් නමැති 31 හැවිරිදි තරුණිය සිය නැන්දනියගේ නිවසේ ගෙල වැළලාගෙන සිටියදී සොයාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
අන්තර්ජාලයට මුසුවීමෙන් පසුව මෙම වීඩියෝව මිලියනයකට අධික පිරිසක් නරඹා ඇති බවත්, ඇය තවදුරටත් අපචාරයන්ගේ ගොදුරක් බවට පත්ව ඇති බවත් කියැවෙයි.
මේ අපවාද හා හාස්‍යයන් නිසා ඒවායින් මිදීමට ඇය සිය වෘත්තියට පවා සමුදී, තමාගේ පදිංචිය අත්හැර පිට පළාතකට පවා ගොස් තිබූ බවද කියැවෙයි.
මෙම මරණය ඉතාලියේ වඩාත් කතාබහට ලක්ව ඇති අතර අගමැතිවරයාද මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණි. එමෙන්ම, ඇගේ මළගම ඉතාලි රූපවාහිනිය ඔස්සේ සජීව විකාශයක්ද සිදුකර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව ඉතාලි පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

