පුරුෂ පක්ෂයට නොදෙවෙනිව ස්ත්‍රීන්ද කාර්යාලයීය වෘත්තීන් සමග සම්බන්ධ වීමත් සමග කාර්යාල තුළ අනියම් ප්‍රේමයන් දළුලා වැඩීම අහස උසට සිදුවන්නක් බව නොරහසකි.
එය බටහිර ආශ්‍රිතව වඩාත් සුලභ කාරණයක් වී ඇති අතර, බටහිර ආභාෂයට පෙම් බදින හා ආවඩන අප වැනි රටවලද මෙය දැන් සාමාන්‍යකරණය වෙමින් පවතින බව නොසැඟවිය යුතු සත්‍යයකි.
ඇමෙරිකානු පෙම්වතියක් කාර්යාලයීය ගමනකට තනිව සංචාරයේ නිරත වූ බව පවසා තම පෙම්වතාට යැවූ සමාජජාල පණිවුඩයකින්, ඇය සිය ප්‍රධානියා සමග හෝටල් කාමරයක සිටි බවක් ඇය යැවූ එම සමාජජාල පණිවුඩය තුළින්ම පෙම්වතාට හසුවූ අපූරු පුවතක් විදෙස් වාර්තා දක්වයි.
රාජකාරී වැඩකට තනිවම ඇට්ලන්ටා වෙත පැමිණි බව පැවසූ ජැකී නැමති මෙම පෙම්වතිය, තමා රැඳී සිටි හෝටල් කාමරයේ සිට අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් තම පෙම්වතා වෙත යවා ඇත්තේ ගැහැනු මායම්වලින් කිහිපයක් පාමිනි.
කෙසේ වෙතත්, මෙසේ යැවූ එක් ඡායාරූපයක කෙළවර එතරම් හුරුපුරුදු නැති ගමන් මල්ලක් පෙම්වතාගේ ඇස ගැටී ඇති අතර, පසුව එම ගමන් මල්ල සිය පෙම්වතිය රාජකාරී කරන සේවා ස්ථානයේ ප්‍රධානියාගේ ගමන් මල්ල බව තහවුරු කරගැනීමට ඔහුට වැඩි වේලාවක් ගතවී නැත. අනතුරුව මෙම පෙම්වතා, අදාළ හෝටලය හා ඇය රැඳී සිටි කාමරය පරීක්ෂා කිරීමේදී එය සිය පෙම්වතියගේ ප්‍රධානියාගේ නමින් වෙන්කර ඇති බව තහවුරු කරගෙන ඇත.
පෙම්වතා රවටමින්, අඩ නිරුවත් ඡායාරූප පවා ඔහු වෙත යවමින්, ඔහු නොමග යැවීමට මෙම පෙම්වතිය උත්සාහ කර තිබුණත්, අවසානයේදී දෛවයේ සරදමකට මෙන් එම ඡායාරූපවල ඇයටත් නොදැනීම සටහන් වූ සිය ප්‍රධානියාගේ ගමන් මල්ලේ කොටස ඒ සමස්ත පෙම් පුවත එතැනින්ම කෙළවර කර ඇති බවද විදෙස් වාර්තා දක්වයි.