මධ්‍යම හා උතුරුදිග පෘතුගාලය පුරා පැතිර යමින් පවතින ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට සිවිල් ආරක්ෂක අධිකාරිය පවසයි.
මෙම ලැව්ගිනි පැතිර යන ස්ථාන 145ක් අතරින්, ස්ථාන රැසක මේ වනවිටත් ලැව්ගිනි ඇවිලෙමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.
උතුරුදිග පෘතුගාලයේ පැතිරයමින් පවතින ලැව්ගිනි ස්පාඤ්ඤ දේශසීමාවටද බලපෑම් කර ඇති අතර, එම පළාතේ පමණක් පුද්ගල මරණ 3ක් වාර්තා වෙයි.
උණුසුම් කාලගුණික තත්ත්වය සමග ඇතිවී තිබෙන ලැව්ගිනි නිවීම සඳහා දහස් ගණන් ගිනි නිවන භටයන් යොදවා ඇති බවද සඳහන් වෙයි.
බටහිර යුරෝපය ඇතුළු වූ ඔෆේලියා සුළි කුණාටුව මෙම ලැව්ගිනි තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී තිබෙන්නේ සුළි කුණාටුවේ අධික සුළං දහරා මෙම ප්‍රදේශ වෙත බලපා ඇති නිසාවෙනි.
පෘතුගාලය තුළ ලැව්ගිනි නිසා තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, ඉන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද කියැවෙයි.
මේ අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු අතුරුදන් බවත්, ඒ අතර බිළිඳු දරුවෙකුද සිටින බවත් පෘතුගාල මාධ්‍ය වාර්තා පවසයි.