පූර්ණ සූර්ය ග්රහණයක් අද (21දා) සිදුවන අතර මෙම සූර්ය ග්රහණය උතුරු ඇමරිකාවට පූර්ණ සූර්ය ග්රහණයක් ලෙස දර්ශනය වන නිසා බොහෝ දෙනෙකු එම අවස්ථාව සඳහා සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙම සූර්ය ග්රහණය අර්ධ සූර්ය ග්රහනයක් ලෙස බටහිර යුරෝපා රටවලට, ඊසානදිග ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්රිකාවේ වයඹ ප්රදේශයට දර්ශනය වන බව සඳහන් වේ.
මීළඟ පූර්ණ සූර්ය ග්රහණය වර්ෂ 2019 ජූලි 02 දා සිදුවන අතර එය දකුණු ඇමෙරිකාවට පමණක් දර්ශනය වන බව පැවසේ. නමුත් 2019 දෙසැම්බර් 26 වැනි දින සිදුවන වලයාකාර සූර්ය ග්රහණය ශ්රී ලංකාවට හොඳින්ම දර්ශනය වන බවත්, මෙය ත්රිකුණාමලය ප්රදේශයේදී පැහැදිලිව දැකගත හැකි අතර, කොළඹට දර්ශනය වන්නේ අර්ධ සූර්ය ග්රහණයක් ලෙසින් බවත් සඳහන් වේ.