පුද්ගලයෙකු මියගොස් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ඔවුන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම මත ට්විටර් සමාජජාල අඩවියෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව එම අඩවිය පවසයි.
විශේෂයෙන්ම, යම් අනතුරක් හෝ සිදුවීමක් හේතුවෙන් යමෙකුගේ මරණයට පෙර හෝ පසු සිදුවීම් සමග ඇඟ ලොමුදැහැගැන්වෙන ආකාරයෙන් රුධිරයෙන් නැහැවී ඇති ඡායාරූප ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් වැඩි වශයෙන් අවදානය යොමු කරනු ඇති බව කියැවෙයි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඇමෙරිකානු ජාතික මාධ්‍යවේදී ජේම්ස් ෆෝලේ ගේ හිස ගසා දමන ආකාරය දැක්වෙන බියකරු වීඩියෝව හා ඡායාරූප සමග ට්විටර් අඩවියේ මෙම නිවේදනය පැමිණ තිබේ.