පුතෙකු පැතූ මවට දූවරු හතරක් සමගම පුතෙක්
ඔස්ට්‍රේලියාවේ පර්ත් හි ජීවත් වන 26 හැවිරිදි කිම් ටූසි දියණියන් දෙදෙනෙකුගේ මවකි. දියණියන්ම දෙදෙනෙකු සිටින නිසා පුතෙකු ප්‍රාර්ථනා කළ එම දෙපළ වෛද්‍යවරුන් ඔවුන් හමුවේ පැවසූ පුවතින් පුදුමයට පත්වූහ.
අද ඇය පස් නිවුන් දරු ප්‍රසූතියක් බලාපොරොත්තුවෙන් සිටින අතර, ඇගේ කුස තුළ ඔවුන් ප්‍රාර්ථනා කළ පුතණුවන් මෙන්ම, ඔහුගේ තනියට පැමිණි දියණිවරුන් සිව්දෙනෙකුද සිටින බව ඇය කියන්නීය.
තම කුසෙහි නිවුන් දරුවන් පිළිසිඳ ඇති බව මුලදී ඇය සිතුවත්, ඒ කුස තුළ දරුවන් පස් දෙනෙකු සිටින බව ඇය සිහිනෙනුදු නොසිතා ඇත.
කෙසේ වෙතත්, මේ වනවිට තම කුස දරා සිටින දරුවන් වෙනුවෙන් දිනකට කැලරි 6,000ක් අඩංගු ආහාර ලබාගන්නා බව බව පවසන කිම්, එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක කැලරි ප්‍රමාණයක් බවද කියයි.
කිම්ගේ මේ කතාව රැගත් සමාජජාල ඡායාරූප හා විස්තර එකතුව පසුපස මේ වනවිට පුද්ගලයන් 125,000ක් ඉක්මවා ලුහුබඳින බව ඇය කියන්නීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

