පිළිකා රෝගීන්ගේ සහ ඒඩ්ස් ආසාධිතයන්ගේ මුහුණට කෘමි නාශක දියරයක් ඉසිමින් එම රෝගීන් සුවපත් කරන බව පවසන මොසැම්බික් රාජ්‍යයේ පාස්ටර් කෙනෙකු පිළිබඳ විදෙස් වාර්තා පවසයි.
ලෙතේබෝ රබලාගෝ නමැති මෙම පාස්ටර් සිය ෆේස්බුක් ගිණුමේ පවසා ඇත්තේ, කෘමි නාශක විදීමෙන් රෝගීන් සුවපත් කිරීමේ බලයක් තමන් සතු බවයි.
මොසැබ්මික් රාජ්‍යයේ, ලිම්පොපෝ ප්‍රාන්තයේ වූ සිය දේශන ශාලාව වෙත පැමිණෙන රෝගීන්ගේ මුහුණට ඔහු විසින් කෘමි නාශක ඉසින ඡායාරූප පවා දැකගත හැකිය.
මේ අතර, ඔහු රෝග සුවය සඳහා යොදන විශේෂ කෘමිනාශකය නිෂ්පාදනය කරන සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම කෘමි නාශකය මිනිසුන්ගේ මුහුණට ඉසීමට හෝ රෝග සුවපත් කිරීමට නිකුත් කළ නිෂ්පාදනයක් නොවන බවයි. එමෙන්ම, මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
මොහුගේ මෙම ක්‍රියාව විවේචනය කරමින් සමාජජාල තුළ දැඩි විවේචන එල්ල වීමත් සමග ඔහු පවසා ඇත්තේ දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවෙකු වූ තමන් වැනි අයෙකුට අපහාස කිරීමට තරම් මිනිසුන් සැහැසි වී ඇති බවයි. එසේ වුවත්, තමන් වෙත මෙසේ චෝදනා කරන මිනිසුන්ට සමාව දෙන ලෙස තමන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පවසා තිබේ.
අප්‍රිකානු කලාපය තුළ මෙවැනි පාස්ටර්ලාගේ ක්‍රියා සම්බන්ධයෙන් විවිධ පුවත් වරින් වර ඇසෙන අතර, මෙම අසාමාන්‍ය ක්‍රියා හේතුවෙන් බොහෝ මිනිසුන් අමාරුවේ වැටුණු පුවත්ද එම කලාපය තුළ සුලභ කාරණයකි.