පිලිපීනයේ ලෙයිටේ වෙරළාශ්රිතව මගී ප්රවාහන යාත්රාවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 36ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් වාර්තා පෙන්වාදෙන පරිදි අනතුරට පත්වන අවස්ථාවේ යාත්රාවේ පුද්ගලයන් 173 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, එය ඕර්මොක් වරායට සමීපව අනතුරට පත්ව තිබේ.
කෙසේ වෙතත්, විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්රියාත්මක බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසා තිබුණි.
පිලිපීන රතු කුරුස සංවිධානය පවසා තිබුණේ පුද්ගලයන් 50 - 70ත් අතර පිරිසක් බේරාගැනීමට හැකිවූ බවට තොරතුරු පවතින බවයි.
කෙසේ වෙතත්, අනතුරින් මියගිය පිරිස මීට වඩා වැඩි විය හැකි බව විශ්වාස කෙරෙයි.