පිලිපීනයේ නව ජනධිපතිවරයා ලෙස පසුගිය මැයි මාසයේදී දැවැන්ත ජයග්‍රහණයක් සමග බලයට පත්වූ රොද්‍රිගෝ ඩුටේර්ටේ සිය ධුරයේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය පවසයි.
දවාඕ නගරයේ නගරාධිපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ 71 හැවිරිදි ඩුටේර්ටේ එරට අපරාධ හා දූෂණයට එරෙහිව මාරාන්ති යුද්ධයක් ප්‍රකාශ කරන බව පවසමින් ජනාධිපතිවරණය ජයගත්තේය.
සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා පවසා සිටියේ පිලිපීන මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවය.
තම රටේ නායකයන් සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ඉරිතලා යන ආකාරය තමන් අත්දුටු බවද එහිදී ඔහු පැවසීය.
එමෙන්ම, රටේ අධිකරණ පද්ධතිය, ජනතාවට උසස් ජීවන තත්ත්වයක් හා සෞඛ්යාරක්ෂිත බවක් ලබාදීම සඳහා කටයුතු කරන රාජ්‍ය සේවයේ විශ්වසනීයත්වය ඉරිතලා ගොස් ඇති බව පෙන්වාදුන් ඔහු, ඒ සඳහා පිළියම් යෙදීමද තමාගේ අරමුණක් බව අවධාරණය කළේය.