පිලිපීනය වෙත හදිසියේ කඩා වැදී ඇති හයීමා චණ්ඩ මාරුතය හේතුවෙන් දැනටමත් පුද්ගල ජීවිත හතරකට වඩා අහිමි වී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
පැයට කිලෝමීටර් 225 ඉක්මවන සුළං දහරාවක් සමග උතුරුදිග කගයාන් පළාතෙන් මෙම චණ්ඩ මාරුතය පිලිපීනය වෙත ඇතුළු වී ඇත.
කෙසේ වෙතත්, චණ්ඩ මාරුතය පැමිණීමට පෙර ඉන් වැඩි බලපෑමක් එල්ල විය හැකි ප්‍රදේශවල ලක්ෂයකට අධික ජනතාවක් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාකර තිබුණි.
එනමුදු, චණ්ඩ මාරුතය හේතුවෙන් නිවාස හා ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව තිබූ අතර, විදුලි කණු කඩා වැටීම නිසා විදුලිබලයද ඇණ හිට තිබූ බව කියැවෙයි.
හයීමා චණ්ඩ මාරුතය 2013 වසරේදී මිනිස් ජීවිත 7,350ක් බිලි ගනිමින් පිලිපීනයට බලපෑ අති ප්‍රබල හයියාන් චණ්ඩ මාරුතය තරම් ප්‍රබලත්වයක් ඇති කරාවිද යන අවදානම පවතින බවද කාලගුණ විද්‍යාඥයන් පවසා තිබේ.