ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා වෛශ්‍යාවකගේ පුත්‍රයෙකු බව පැවසූ පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටේර්ටේ එම සිදුවීමෙන් දිනකට පසුව සුළු මොහොතක් එකිනෙකා හමුව ඇති බව වාර්තා වෙයි.
ලාඕසයේ පැවති ආසියාන් සමුළුව හා සමගාමී රාත්‍රී භෝජන සංග්‍රහයේදී මෙම නායක දෙපළ හමුවී ඇති බවත්, එය නිල නොලත් අතිශය රහසිගත හමුවක් බවත් වාර්තාවෙයි.
කෙසේ වෙතත්, පැය එකහමාරකට ආසන්න කාලයක් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය පැවතියත්, එම අවස්ථාවේදී ජනපති ඔබාමා හෝ ඩුටේර්ටේ එකිනෙකා හමුවී කතා කරන ආකාරය දැකගත නොහැකි වී ඇත.
ඔවුන් එම භෝජන සංග්‍රහය අවස්ථාවේදී හැකි සෑම විටම බොහෝ දුරස්ථව සිටියත්, වරින් වර එකිනෙකා දෙස හොර බැලුම් හෙලන ආකාරය නම් විදෙස් මාධ්‍ය කැමරා කාචවල සටහන්ව තිබුණි.
කෙසේ වෙතත්, පිලිපීන විදේශ අමාත්‍යවරයා ඔවුන්ගේ මෙම රහසිගත හමුව තහවුරු කර ඇති අතර, එය ඔවුන් දෙදෙනාම සතුටු වූ හමුවක් බවද පවසා තිබේ.