ජපානයට ඉහළින් මිසයිලයක් යවමින් සිදුකළ යුද අභ්‍යාසය පැසිෆික් හමුදා මෙහෙයුම්වල තමන් එසවූ පළමු වැනි පියවර බව උතුරු කොරියාව කියයි.
ඒ අනුව, පැසිෆික් කලාපයේ තවත් මිසයිල අත්හදා බැලීමේ මෙහෙයුම් රැසක් ඉදිරියේදී සිදුවිය හැකි බවද උතුරු කෙරියාව අනතුරු අඟවයි.
එමෙන්ම, තම රට අක්‍රමණය කිරීම් ප්‍රධාන කඳවුරක් පිහිටි පැසිෆික් ගුවාම් දූපත වෙතද උතුරු කොරියාව සිය අනතුරු ඇඟවීම සිදුකරයි.
පසුගිය අඟහරුවාදා දිනයේදී උතුරු කොරියාව අත්හදා බැලූ සිය නවතම මිසයිලය ජපානයේ උතුරුදිග හොක්කයිදෝ දූපතට ඉහළින් පියාසර කර පැසිෆික් සාගරයට පතිත විය.
මෙම මිසයිල ප්‍රහාරයත් සමග ජපාන ජනතාවට ආරක්ෂක පියවර ගන්නා ලෙසට ජපානය දැනුම් දුන්නද, එම මිසයිලය බිම හෙළීමට උත්සාහයක් නොගත්තේය.
උතුරු කොරියාවේ මෙම නවතම මිසයිල අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ඒකමතිකව හෙළා දැක තිබේ.
ඔවුන් වහාම සියලු මිසයිල අත්හදා බැලීම් අත්හල යුතු බව අඟහරුවාදා හදිසියේ රැස්වූ ආරක්ෂක කවුන්සිලය සඳහන් කළ අතර, ඔවුන්ගේ මෙම හැසිරීම සාහසික හැසිරීමක් බවද කියා සිටියේය.
එමෙන්ම, මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සියලු රටවලට බලවත් තර්ජනයක් බවද සඳහන් කළ ආරක්ෂක කවුන්සිලය, මේ සම්බන්ධයෙන් තවදුරටත් සම්බාධක පැනවීමක් සිදු නොවන බවද සඳහන් කළේය.