පැරීසියේදී ස්පයිඩර්මෑන් දස්කම් පෑ මාලි තරුණයාට ප්රංශ පුරවැසිභාවය
ප්රංශයේ පැරිස් නුවර මහල් ගොඩනැගිල්ලක බැල්කනියක එල්ලී සිටි කුඩා දරුවෙකු ස්පයිඩර්මෑන් දස්කමකින් බේරාගත් මාලි ජනරජයෙන් පැමිණි සරණාගත තරුණයෙකුට ප්රංශ පුරවැසිභාවය පිරිනමා තිබේ.
මමූදොව් ගසාමා ලෙස හැඳන්වුණු තරුණයාගේ මෙම වික්රමාන්විත ක්රියාවත් සමග ප්රංශ සමාජය තුළ ඔහු පිළිබඳ බොහෝ කතාබහක් ඇතිවෙමින් තිබේ.
ඔහු පවසන පරිදි, තමන් මාර්ගයේ ඇවිද යනවිට ජනයා වටවී මහල් ගොඩනැගිල්ලක් දෙස බලා සිටිනු දැක ඇති අතර, පසුව විපරම් කිරීමේදී කුඩා දරුවෙකු බැල්කනියක එල්ලී සිටින ආකාරය ඔහු දැක තිබේ.
එහිදී, ක්ෂණිකව ක්රියාත්මක වී ඇති මෙම තරුණයා එම ගොඩනැගිල්ලේ සිව්වැනි මහල දක්වා තම ජීවිතයද කැපකරමින් ස්පයිඩර්මෑන් ගමනක් ගොස් සිව් හැවිරිදි මෙම දරුවා බේරාගෙන ඇත.
ඔහුගේ මෙම වික්රමාන්විත ක්රියාව අගයනු වස් ප්රංශ ජනපති මැක්රෝන්, ගසාමා තරුණයාව ප්රංශ ජනපති මැදුරට ගෙන්වා ඔහුට විශේෂ සහතික පත්රයක් සහ තෑගිභෝගද පිරිනමා ඇත.
එමෙන්ම, ප්රංශ ගිනි නිවන හමුදාවේ රැකියාවක් මෙන්ම, ඔහුට ප්රංශය තුළ පුරවැසිභාවයද පිරිනැමීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.
මෙම තරුණයා නූතන ස්පයිඩර්මෑන් කෙනෙකු ලෙස හඳුන්වා ඇත්තේ පැරිස් නගරාධිපතිනී ඈන් හිඩල්ගෝ ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.









