පැරීසියේ, පීසා අවන්හලක් වෙත කඩා වැදුණු කාර් රථයක් හේතුවෙන් ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
කෙසේ වෙතත්, මෙම රිය කඩා වැදීමේ සිදුවීම ත්රස්ත ප්රහාරයක් නොවන බවත්, එය රියදුරා සියදිවි හානි කරගැනීමට දැරූ උත්සාහයක් බවත් පොලීසිය පවසයි.
2015 අග භාගයේදී ප්රංශයට එල්ල වූ ම්ලේච්ඡ ඉස්ලාම් රාජ්ය ත්රස්ත ප්රහාර මාලාවේ නවතම සිදුවීම ලෙස පසුගිය සතියේදී එරට ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර කාර් රථ ප්රහාරයක් එල්ල විය. එබැවින්, ප්රංශය තුළ මෙවැනි සිදුවීම් ත්රස්ත ක්රියා බවට විශ්වාසයක් පවතී. නමුත්, මෙම සිදුවීම සිය දිවි හානිකර ගැනීමේ තැතක් බව මූලික පරීක්ෂණවලදීම අනාවරණය වී තිබේ.
ඒ අනුව, මෙම කාර් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඊට පෙර දිනයේදීත් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීම හේතුවෙන් මෝටර් රථය හප්පවා සියදිවි හානිකර ගැනීමට උත්සාහ ගෙන ඇති බව පොලීසිය කියයි.
පැරීසියෙන් නැගෙනහිරට වන්නට කිලෝමීටර් 55ක් පමණ ඔබ්බෙන් වූ සෙප්ට්-සෝර්ට්ස් හිදී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලැබේ.