අන්තවාදී අදහස් වැපිරීම හා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් පැරීසියේ ඉස්ලාම් පල්ලි 4ක් වසා දැමීමට ප්‍රංශ රජය කටයුතු කර තිබේ.
ප්‍රංශයට එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර සමග එරට ක්‍රියාත්මක වන හදිසි නීතිය යටතේ මෙම පල්ලි වසා දැමීමට කටයුතු කර ඇත්තේ, රට තුළ ඉස්ලාම් අන්තවාදය ඉස්මතුවීම වැළැක්වීමේ අදහසින් බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බර්නාඩ් කැස්නීව් මෙම දැනුම්දීම අදාළ පල්ලිවල පාලනාධිකාරීන්ට දැනුම්දී ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, පැරීසියේ යෙවිලයින්ස්, සෙයින්-සෙයින්ට්-ඩෙනිස් සහ වැල්-ඩි-මර්නේ යන ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම පල්ලි වසා දමා ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ප්‍රංශය තුළ පසුගිය වසරේ මෙන්ම, මෙම වසරේදීද ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ ප්‍රහාර කිහිපයක්ම සිදුවූ අතර, සාමාන්‍ය වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වූහ. විශේෂයෙන්ම, යුරෝපය වෙත පැමිණෙන අනවසර සංක්‍රමණිකයන්ද මෙම අන්තවාදී තර්ජන ප්‍රංශය තුළ වර්ධනය වීමට හේතු වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.