මෝල්ටා රජයේ පැවති දූෂණ හා අක්‍රමිකතා දැඩි විවේචනයට බඳුන් කළ එරට බ්ලොග් මාධ්‍යවේදිනියක (blogger) කාර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඩැෆ්නේ ගලීෂියා නමැති 53 හැවිරිදි මෙම තැනැත්තිය කාර් බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කර ඇති බව තහවුරු කරන්නේ එරට පොලීසිය විසිනි.
මොස්ටා නගරයේ ජීවත් වූ ඇය සිය නිවසේ සිය තමාගේ මෝටර් රථයෙන් කෙටි දුරක් ධාවනය වීමේදී එය පුපුරා ගොස් මෙම මරණය සිදුව ඇත.
නිවස තුළ සිටි ඇගේ පුත්‍රයා පිපිරීම ඇසී වහාම පිටතට විත් බලන විටත්, එම මෝටර් රථය ගිනි ගනිමින් තිබූ බව කියැවෙයි.
මෝල්ටාවේ අගමැති ජෝසෆ් මස්කට්ගේ වැඩපිළිවෙළ ජනතාවට දැනෙන ලෙස විවේචනයට බඳුන්කළ ඇගේ මරණය වෙනුවෙන් අගමැතිවරයාම ශෝක පණිවුඩයක්ද නිකුත් කර තිබේ.
මෙම මාධ්‍යවේදිනිය විසින් මෝල්ටා අගමැති සහ ඔහුගේ බිරිඳ විවේචනයට ලක් කරන ලද්දේ පැනමා ලිපිගොනු සම්බන්ධ අක්රමිකතාවලට සම්බන්ධ බවට චෝදනා කරමිනි.
එහිදී, අසර්බයිජානයේ පාලක පක්ෂයෙන් ලද මුදල් වෙනත් රටවල රහස්‍ය මූල්‍ය ගිණුම්වල සැඟවූ බවට අගමැතිවරයාට සෘජුව චෝදනා එල්ල වූ අතර, ඔහු එම චෝදනා මුල සිටම තරයේ ප්‍රතික්ෂේප කළේය.