මෙක්සිකෝව හරහා හමා යන පැට්රීෂියා චණ්ඩ මාරුතය ප්රබල චණ්ඩ මාරුතයක සිට යම් දුර්වල මට්ටමකට ළඟා වෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.
කෙසේ වෙතත්, මෙය ඇමෙරිකානු කලාපයට බලපාන දැවැන්තම චණ්ඩ මාරුතයක් ලෙස මූලිකව සැලකුණත් එය ගොඩබිම කරා පැමිණෙන විට එහි ප්රබලත්වය අඩුවීම හේතුවෙන් විනාශයන් රැසක් අඩුවී තිබේ.
කෙසේ වෙතත්, සුළි කුණාටුවත් සමග ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය නිසා නායයෑමේ අවදානම්ද පවතින බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙහි බලපෑමෙන් මෙක්සිකෝවේ විදුලිබලය ඇණහිට ඇති බවද විදෙස් වාර්තා පවසයි.