පෝලන්තයේ, චෙස්ටොචෝවා හි විවෘත දේව මෙහෙයක් පැවැත්වීමට පැමිණි පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වේදිකාව මත පය ලිස්සා හදිසියේ ඇද වැටී තිබුණි.
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දැකබලා ගැනීමට ඒ වනවිටත් දහස් සංඛ්‍යාත පිරිසක් චෙස්ටොචෝවා වෙත පැමිණ තිබුණි.
එහිදී, දේවමෙහෙය වෙනුවෙන් සැදී පැහැදී සිටි ජනතාව පාප් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියදී, වේදිකාව මත කෙමෙන් ඇවිද පැමිණි උන්වහන්සේ එම වේදිකාවේ උස මට්ටම් දෙකකට පැවති පඩියක් නොදැකීම මෙම හදිසි අනතුරට හේතු වී තිබුණි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පාප් වහන්සේ අසල සිටි පියතුමන්ලා විසින් උන්වහන්සේ වහා නැගිටුවා සිටි අතර, පාප් වහන්සේට ඉන් කිසිදු හානියක් සිදුවී නොතිබුණු බවද විදෙස් වාර්තා පවසයි.
දින පහක සංචාරයක් සඳහා පෝලන්තයට ගොස් සිටින පාප් වහන්සේ චෙස්ටොචෝවා හි පිහිටි පෝලන්තයේ වඩාත් ශුද්ධ වූ දේවස්ථානය වෙතද සංචාරය කළ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.