පාකිස්ථානයේ මගී දුම්රියක සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
බලුකිස්ථාන දුම්රිය ස්ථානයක සිදුවූ මෙම බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, මියගිය පිරිස මීට වඩා බොහෝ සෙයින් වැඩිවිය හැකි බවද බලධාරීහු පවසති.
එක්සත් බලූක් හමුදාව යැය කියා ගන්නා බෙදුම්වාදී කණ්ඩායමක් මෙම ප්රහාරයේ වගකීම මේ වනවිටත් භාරගෙන ඇති බවද කියැවෙයි.
මෙම පළාතේ ක්රියාත්මක සටන්කාමීන්ට එරෙහිව පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් ප්රහාරයක් දියත් කර දිනකට පසුව මෙම බෝම්බ පිපිරීම සිදුව තිබේ.
ජෆාර් එක්ස්ප්රස් නමැති මෙම දුම්රිය දෛනික ශීඝ්රගාමී දුම්රියක් වන අතර, එය පන්ජාබ් ප්රාන්තයේ රාවල්පිණ්ඩි නුවර සිට බලුකිස්ථානයේ ක්වෙට්ටා දක්වා සැතපුම් 900ක දුරක් ගමන් කරයි.