පාකිස්තානයේ කරච්චි නුවර සුනඛයන් වස පොවා මරලා
පාකිස්තානයේ, කරච්චි නුවර ගැවසෙන දඩාවතේ යන සුනඛයන් 700කට වැඩි පිරිසක් වස දී ඝාතනය කිරීමේ ක්රෑර වදහිංසනයක් පිළිබඳ වාර්තා වෙයි.
මෙම දඩාවතේ යන සුනඛයන් සපා කෑමෙන් නගර වාසීන් මුහුණදෙන ගැටලුව සඳහා වෙනත් විකල්පයක් නොමැති බැවින් මෙසේ වස දීමෙන් එම සතුන් මරා දැමීමට තීරණය කළ බව නගර බලධාරීහු පවසති.
කෙසේ වෙතත්, කරච්චි බලධාරීන්ගේ මෙම ක්රෑර තීරණය පාකිස්තානය වෙතම මේ වනවිට නින්දාවක් ඇති කර තිබෙන බවද විදෙස් වාර්තා දක්වයි.
විශේෂයෙන්ම සමාජජාල ඔස්සේ මේ සම්බන්ධව දැඩි විරෝධයක් මතුව ඇති අතර, බොහෝ දෙනා වේදනාවෙන් හා කෝපයෙන් මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්රකාශ කර ඇති බව කියැවෙයි.
කුකුල් මස් තුළ සඟවා මෙම සතුන්ට වස ලබාදී ඇති බව බලධාරීන් පිළිගෙන ඇති අතර, මියගිය සතුන්ගේ මළකුණු ඩෝසර් යන්ත්ර යොදාගෙන ඉවත් කරන අයුරුද දැකගත හැකි වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

