පාකිස්තාන රජය සමග පවත්වන සාම සාකච්ඡා තවදුරටත් ප්‍රාණවත් කිරීමේ අරමුණින් මාසයක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන බව පාකිස්තානයේ තාලේබාන් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
මෙම යෝජනාව පාකිස්තාන රජයේ සතුටට හේතු වී ඇති අතර, එය සාම සාකච්ඡා වෙනුවෙන් ධනාත්මක ප්‍රවේශයක් ලෙස රජය හඳුන්වා දී ඇත.
පසුගිය මාසයේදී මෙම සාම සාකච්ඡා බිඳ වැටුනේ තලේබාන් සම්බන්ධතාවක් ඇති සටන්කාමීන් විසින් ඔවුන් අත්අඩංගුවේ සිටි පාකිස්තාන සෙබලු 23 දෙනෙකු මරා දැමූ බව පැවසීමත් සමගය.
සැකකාර සටන්කාමීන් රැඳී සිටින ප්‍රදේශයක් වෙත පාකිස්තාන රජයේ ගුවන් හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම ඝාතන පිළිබඳ හෙළිදරව් කෙරිණි.
මෙහිදී, තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ෂහිදුල්ලා ෂහීද් කියා සිටියේ රජයේ පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රවේශයක් ලැබීමත්, පාකිස්ථානය සඳහා යහපත් අනාගතයක් වෙනුවෙන් ආගමික නායකයන්ගෙන් ලැබුණු ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසත් මෙවැනි සටන් විරාමයකට යෑමට තම සංවිධානය සූදානම් බවය.