පාකිස්තානයේ, බලුකිස්තානය පළාතේ සුෆී මුස්ලිම් දේවස්ථානයක පිපිරීමකින් පුද්ගලයන් 52 නෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බලුකිස්තාන පළාතේ, කුස්දාර් ගම්මානයේ, මෙම ෂාහ් නූරානි සුප්රසිද්ධ සුෆී මුස්ලිම් දේවස්ථානය පවතී.
සිද්ධියෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතත් ඒ වෙත ගමන් කිරීම අතිශය දුෂ්කර වීම හේතු කොටගෙන මියගිය පිරිස තවත් වැඩිවිය හැකි බවද සහන සේවකයෝ පවසති.
මෙම දේවස්ථානයේ වන්දනාකරුවන් විසින් පවත්වමින් තිබූ විශේෂ නර්තනයක් අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති අතර, ප්රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් විසින් භාරගෙන තිබේ.
සුෆී මුස්ලිම්වරුන් මිලියන ගණනක් පාකිස්තානයේ ජීවත් වන අතර, ඔවුන් ඉස්ලාම්වරුන් අතර ඉවසිලිවන්ත පිරිසක් ලෙස සැලකෙයි. කෙසේ වෙතත්, අන්තවාදීන් මොවුන්ට විරුද්ධ බවද විදෙස් වාර්තා පවසයි.
මෙම විශේෂ දේවස්ථානය වෙත පාකිස්තානය පුරා වෙසෙන සුෆී මුස්ලිම්වරුන් වන්දනාවට පැමිණෙන අතර, බොහෝ විට අසල්වාසී ඉරානයේ වෙසෙන සුෆී මුස්ලිම්වරුන්ද මේ වෙත පැමිණෙන බව කියැවෙයි.
මෙම බෝම්බ ප්රහාරය පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ් මෙන්ම, හිටපු ක්රිකට් ක්රීඩක හා ටෙහ්රීක් ඉ ඉන්සෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් විසින් දැඩිව හෙළා දැක තිබේ.