පාකිස්තානයේ ප්‍රබල සික් ජාතිකයෙකු මෙන්ම, එරට විරුද්ධ පක්ෂ ක්‍රියාකාරිකයෙකු තලේබාන් සංවිධානය විසින් ඝාතනය කර තිබේ.
පාකිස්තානයේ සුළුතර සික් ජාතිකයන් අතර ප්‍රජා නායකයෙකු ලෙස කටයුතු කළ සොරාන් සිං ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂ ක්‍රියාකාරිකයෙකු මෙන්ම, පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ උපදේශකයෙකු ලෙසද කටයුතු කළ අයෙකි.
වයඹදිග පාකිස්තානයේ, බනර් නිම්නයේ පිහිටි ඔහු ජීවත් වූ ගම්මානයේදී තලේබාන් තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ඔහු නතුව තිබේ.
පාකිස්තාන තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගනිමින් පවසා ඇත්තේ, එරට තුළ දැඩි ඉස්ලාමීය නීති පද්ධතිය ක්‍රියාත්මක වනතුරු මෙවැනි ඝාතන සිදුකරන බවයි.