පාකිස්තානයේ මිලියන 60ක පමණ ජනතාවක් මරාන්තික ආසනික් රසායනිකය ශරීරගත වීමේ අවදානමකට ලක්ව ඇති බව අනාවරණය වී තිබේ.
එරට භූගත පානීය ජල මූලාශ්‍ර පිළිබඳ සිදුකළ නවතම අධ්‍යයනයකින් මෙම තොරතුරු හෙළිවී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
සයන්ස් ඇඩ්වාන්ස් සෞඛ්‍ය ජර්නලය විසින් මෙම අධ්‍යයනය සිදුකර ඇති අතර, ඔවුන් පෙන්වා දෙන පරිදි මෙම තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්යාරක්ෂිත නියමයන් ඉක්මවා යන තත්ත්වයකි.
ආසනික් යනු අර්ධ ලෝහමය මූලද්‍රව්‍යයක් වන අතර. එය ලොව පුරා විවිධ සාන්ද්‍රණයන්ගෙන් හමුවෙයි. සාමාන්‍යයෙන් මිනිසුන් ආසනික් රසායනිකයකට නිරාවරණය වීම සිදුවන්නේ එය පාෂාණ සහ රොන් මඩ ආශ්රයෙන් භූගත ජලයට එකතු වීම නිසාය.