පාකිස්තානයේ, බලුකිස්තාන් ප්‍රදේශයේ ක්එට්ටා පොලිස් අභ්‍යාස විද්‍යාලය වෙත එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 60කට ආසන්නය.
ආරක්ෂක අංශ පෙන්වාදෙන පරිදි මියගිය පිරිස අතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කැඩෙට් නිලධාරීන් මෙන්ම එහි ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ද වෙති.
මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලවලින් සැරසී පැමිණි පැමිණි ත්රස්තයන් තිදෙනෙකු විසින් මෙම ප්‍රහාරය දියත්කර තිබූ අතර, ඔවුන් පිරිස් ප්‍රාණ ඇපයේ පවා තබාගෙන පසුව සිය බෝම්බ ඇඳුම් පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණත්, මෙය තවත් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන ලාෂ්කර් ඉ-ජනගාවි කණ්ඩායමේ ප්‍රහාරයක් බවට පාකිස්තානය චෝදනා කරයි.
බලුකිස්තානයේ අගනගරය වන ක්එට්ටා හි බෙදුම්වාදීන් මෙන්ම නොයෙක් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් රැසක් පසුගිය කාලය පුරාවට වර්ධනය වී සිටි බවද එරට ආරක්ෂක අංශ පවසයි.