පකිස්තානයේ සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් මගීන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
ඊයේ (03දා) උදෑසන කරච්චි නගරයේ ලන්දි දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරත් සමග දුම්රිය මැදිරි දෙකක් පෙරළි ගොස් ඇති අතර, එක් දුම්රියකට වැරදි සංඥා ලැබීම අනතුරට හේතුව බව විශ්වාස කෙරෙයි.
නමුත්, දුම්රිය බලධාරීන් පවසන්නේ අනතුරට හේතුව තවම නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි.
මෙම අනතුරත් සමග කරච්චි නගරයෙන් ආරම්භ කෙරෙන සියලු දුම්රිය ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර, තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවද බලධාරීහු පවසති.