ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඩ්‍රෝන ප්‍රහාර පාකිස්තානය තුළ නැවතත් ක්‍රියාත්මක කරමින්, එරට සටන්කාමීන්ගේ බල කඳවුරු ලෙස සැලකෙන උතුරුදිග වසිරිස්තානය ඉලක්ක කර මෙහෙයුම් ඇරඹූ බව පවසයි.
ඇෆ්ගනිස්තාන දේශසීමාව ආසන්නයේ පිහිටි උතුරු වසිරිස්තානයට එල්ල වූ මෙම පළමු ප්‍රහාරයේදී කැරලිකරුවන් බවට සැක කෙරෙන 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, දෙවැනි ප්‍රහාරයේදී තවත් 10 දෙනෙකු වශයෙන් සටන්කාමීන් 16 දෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වෙයි.
කරච්චි ගුවන් තොටුපළ ඉලක්ක කරමින් තලේබාන් සටන්කාමීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව මෙම ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.
නියමුවන් රහිතව ගමන් කරන ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් මීට පෙර මතභේදාත්මක තත්ත්වයක් පැවතියද, ජීවිත 39 ක් අහිමි කළ කරච්චි ගුවන් තොටුපළ ප්‍රහාරයෙන් පසුව එල්ල කෙරුණු මෙම ඩ්‍රෝන ප්‍රහාර ඒ මතභේදාත්මක වාතාවරණයෙන් පසුව එල්ල කළ ප්‍රථම ප්‍රහාරය බව කියයි.
මේ අතර, උතුරුදිග වසිරිසිතානය වෙත පාකිස්තාන හමුදාවන්ද ගොඩබිම් ප්‍රහාර අරඹා ඇති අතර, එය තලේබාන් සංවිධානය හා පාකිස්තාන රජය අතර සාම සාකච්ඡා ක්‍රමයෙන් බිඳ වැටීමේ පෙර නිමිතිද පෙන්වා ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.