පාකිස්තාන අගමැතිවරයාට මිනීමැරුම් චෝදනා
පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් මිනීමැරුම් සිද්ධියක සැකකරුවෙකු ලෙස නම් කිරීමට එරට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය ජූනි මාසයේ ලාහෝර් නුවරදී විරෝධතාවක නිරත වූ පුද්ගලයන්ගෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සිදුවූ වෙඩි තැබීමට චෝදනා ලැබූ 21 දෙනා අතර අගමැතිවරයාද සිටින බව පොලීසිය කියයි.
එහිදී, පාකිස්තාන විරුද්ධ පක්ෂ පූජකවරයෙකු වන තහිර් උල්-කද්රි පවසා ඇත්තේ ෂරීෆ් මනුෂ්‍ය ඝාතන හා ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකර ඇති බවයි.
නමුත්, එරටින් ලැබෙන වාර්තාවන්ට අනුව අගමැතිවරයා අත්අඩංගුවට ගැනීමක් හෝ ඔහු අධිකරණය හමුවට කැඳවීමක් මෙතෙක් සිදුව නොමැති බව කියැවෙයි.
එහිදී, පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව මෙය තවම බිම් මට්ටමේ සිදුවන පරීක්ෂණයක් පමණක් බවද පාකිස්තානයේ බී.බී.සී. වාර්තාකරු පවසයි.
එහිදී, චෝදනා ලැබූවන්ට වරෙන්තු නිකුත් කිරීමට හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමට තවදුරටත් සාක්ෂි එකතු කිරීමට අවශ්‍ය බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

