ඉන්දියානු ජනප්රිය නිළි ප්රියංකා චොප්රා, 'කොන්ඩී නාස්ට් ට්රැවලර්' සඟරාවේ මුල් කවරය සඳහා පෙනී සිටි ඡායාරූපය සම්බන්ධයෙන් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
එම මුල් කවරයේ ප්රියංකා ඇඳ සිටින ස්කිනියෙහි රිෆියුජි (සරණාගතයා), ඉමිග්රන්ට් (සංක්රමණිකයා), අවුට්සයිඩර් (පිටස්තරයා) යන කපා දැමූ වචනවලට යටින් ට්රැවලර් (සංචාරකයා) යනුවෙන් කපා නොදැමූ වචනයක් දැකිය හැකිය.
මෙම චෝදනාවත් සමග අදාළ සඟරාවේ ප්රකාශකයෙකු බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ, ජනතාව වෙත විවිධ ලේබල් ඇලවීම ඉස්මතු කරවමින් සමාජය දැනුම්වත් කිරීම මේ තුළින් තම සඟරාව අපේක්ෂා කළ බවයි.
කෙසේ වෙතත්, මෙම සඟරා කවරය අන්තර්ජාලය හා සමාජජාල තුළ වේගයෙන් ප්රචාරය වීමත් සමග බොහෝ දෙනෙකු ප්රියංකා මෙන්ම, එම සඟරාවද දැඩිව විවේචනයට ලක්කළ අතර, ඔවුන් පවසා තිබුණේ සරණාගතභාවය කිසිවෙකු කැමැත්තෙන් තෝරාගන්නක් නොවන බවයි.
විශේෂයෙන්ම මෙවැනි මුල් කවරයකට පෙනී සිටීම ප්රියංකා වැන්නෙකුට නොවටිනා දෙයක් බව පවසමින්, වර්තමානයේ පවතින සිරියානු සංක්රමණික අර්බුදය මීට ඈඳා ගෙන ඇති බවටද චෝදනා නැගී තිබුණි.