රික්ටර් මාපාංක 7.2ක ප්‍රබල භූ කම්පනයකින් මෙක්සිකෝවේ, මෙක්සිකෝ සිටි නගරය සෙලවී ගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
තත්ත්පර 30ක පමණ කාලයක් මෙසේ ගොඩනැගිලි සෙලවී ඇති අතර, ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි මෙය පොළෝ මට්ටමින් කිලෝ මීටර් 24ක් අභ්‍යන්තරයේ ඇතිවී තිබේ.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය මෙක්සිකෝවේ බටහිර ප්‍රාන්තයක් ව ගුවේරේරෝ හි වාර්තා වූ බව කියැවෙයි.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ප්‍රබල භූ කම්පනයක් වුවත් මේ දක්වා භූ කම්පනය හේතුවෙන් අනතුරට පත්වූවෙකු පිළිබඳ වාර්තා නොවෙයි.
එරටින් වාර්තා වන අන්දමට භූ කම්පනය සිදුවන අවස්ථාවේදි නිවෙස්වල හා කාර්යාලවල වූවන් වහාම ඒවායින් ඉවත්ව තිබුණද, ගොඩනැගිලිවලටද බරපතල හානියක් සිදුවී නොමැති බව කියැවෙයි.
මෙම භූ කම්පනය මෙක්සිකෝවේ බටහිර හා දකුණුදිග ප්‍රාන්තවලටද දැනී ඇති බව කියැවෙයි.