දරුණු ප්‍රචණ්ඩක්‍රියා රටපුරා පැතිර ගියත් බංග්ලාදේශ මහ මැතිවරණය අද (5දා) ආරම්භ වූ බව බී.බී.සී.ය වාර්තා කරයි.
මැතිවරණය ආරම්භ වීමට පෙර ඊයේ (4දා) දිනයේදී බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 22ක, ඡන්ද මධ්‍යස්ථාන 100ක් පමණ ගිනිතබා විනාශ කර තිබිණි.
මෙම මැතිවරණය වර්ජනය කරන බව එරට විරුද්ධ පක්ෂය (බංග්ලාදේශ ජාතික පක්ෂය) කියා තිබුණු අතර, ඔවුන් දින දෙකක වැඩ වර්ජනයක්ද ක්‍රියාත්මක කොට තිබිණි. මේ ආකාරයෙන් ඡන්ද මධ්‍යස්ථාන ගිනි තැබීම ආරම්භ වූයේ ඉන් අනතුරුව බව බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
බංග්ලාදේශ වේලාවෙන් උදෑසන 8.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වූ බව බංග්ලාදේශයේ මැතිවරණ කොමිසමේ ප්‍රකාශක එස්.එම්. අසාදූසාමන් පවසා සිටි අතර, සවස 4.00 දක්වා එය පැවැත්වෙන බව ප්‍රංශ පුවත් සේවය උපුටා දැක්වීය.
ප්‍රංශ පුවත්සේවය වැඩිදුරටත් පෙන්වාදී තිබුනේ උදෑසන කාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම දුර්වල මට්ටමක පැවති බව හා ඡන්ද මධ්‍යස්ථාන අසල විශාල පෝලිම් දක්නට නොලැබුණු බවය.
බංග්ලාදේශ විරුද්ධ පක්ෂය පෙන්වා දෙන්නේ මෙම මැතිවරණය වංචනික ප්‍රෝඩාවක් බවය. එරට පාලන බලය හිමි අවාමි ලීගය විසින් තමන් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට විරුද්ධ පක්ෂ නායිකා බෙගම් කලීදාසියාද චෝදනා නගන ලදී.