ඉරාකය අද (30දා) සිය පාර්ලිමේන්තු මැතිවරණ සඳහා පිවිසෙන්නේ රට පුරා ඉහළ යමින් පවතින ප්‍රචණ්ඩක්‍රියා හා නිකායවාදී නොරිස්සුම් තත්ත්වයන් හමුවේය.
ඉරාකයේ වත්මන් අගමැති නූරි මලිකි සිය තෙවැනි ධුර කාලය වෙනුවෙන් මෙවරත් තරග කරන අතර, මැතිවරණයට ඉදිරිපත්ව ඇති සෙසු තරගකරුවන් සමග සලකා බැලීමේදී වර්ධනය වන අල්-කයිඩාවෙන් පෝෂණය වන කණ්ඩායම්වලට එරෙහිව යන එකම නායකයාද ඔහු බව පැවසෙයි.
මේ අතර, සුන්නි හා කුර්දි මුස්ලිම්වරු මලිකි වෙත චෝදනා කරන්නේ ඔහු මෙවර මැතිවරණයේදී අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කරන බවයි.
කෙසේ වෙතත් මෙම පාර්ලිමේන්තු මැතිවරණ ඉරාකයේ අනාගතය වෙනුවෙන් වඩාත් වැදගත් වන මැතිවරණ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.